කොටහේනේ වෑන් රථයක තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ [Video]

102

කොළඹ කොටහේන ප්‍රදේශයේදී වෑන් රථය තිබූ බෝම්බයක් අද පස්වරුවේ ආරක්ෂිතව පුපුරුවා හරිනු ලැබුවා
පොලිසිය සදහන් කළේ ඊයේ පිපිරීම සිදුවූ කොළඹ කොච්චිකඬේ දේවස්ථානය අසළ සිට මීටර් 50ක් ආසන්නයේ වෑන් රථයක තිබී මෙම බෝම්බය සොයාගත් බවයි.
විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ පොලිසිය එක්වයි මෙලෙස අදාළ බෝම්බය ආරක්ෂිතව පුපුරුවා හැර ඇත්තේ.
එහිදී වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.

මේ අතර, කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළේ ආසන්නයේද ආරක්ෂ අංශ විසින් අද පස්වරුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ සැකකටයුතු යමක් ඇති බවට ප්‍රදේශවාසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.
මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ ද අද විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
මේ අතර, ඊයේ දිනයේ සිදු වූ පිපිරිම්වලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.
පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවේ අද පස්වරුවේදීයි.
කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මිලි මීටර 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයා ගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීිසිය සඳහන් කළේ.

Your Comments