කොටස් වෙළදපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දෙවන විශාලතම කඩා වැටීම අද

58

කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අද දිනයේදී දැවැන්ත කඩා වැටීමක් වාර්තා කලා
සියලු කොටස් මිළ දර්ශකය දිනයක් තුළ පහළ ගිය දෙවන විශාලතම අගය අද සටහන් වූ බවයි තැරැව්කාර සමාගම් සඳහන් කලේ.
දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 5121.91 ක් ලෙසයි.
එය පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව සියයට 4.14 ක පහළ යාමක්.
කොටස් වෙළඳපළ ඉතිහාසයේ දරුණුතම කඩාවැටීම වාර්තා වී ඇත්තේ 2010 වසරේ ඔක්තෝබර් 12 වනදායි.
එහිදී ඒකක 300.59 කින් ගණුදෙනු පහළ ගොස් තිබුණා.
අද දිනයේ වාර්තා වූ ඒකක 221.24 ක පහළයාම දෙවන විශාලම පහළ යාම ලෙසයි සටහන් වන්නේ.
මේ අතර සියයට 5 කට වඩා ගණුදෙනු පහළයාමත් සමග අද පෙරවරු 9:45 ට පමණ ස්වයංක්‍රීයව ගණුදෙනු ඇණහිටි අතර විනාඩි 30 කින් පමණ එය යළි ආරම්භ වුණා.

Your Comments