කෙන්යා ජනපති සහ අමෙරිකානු ජනපති අතර හමුවක්

35

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී සිදුව තිබෙනවා.
දෙරට අතර වෙළඳාම සහ ආරක්ෂක තත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති බව සඳහන්.
ජනපතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඇමෙරිකා ජනපති බිරිද මෙලානියා ට්‍රම්ප් සහ කෙන්යා ජනපති බිරිද මාගරට් කෙන්යාටාද මෙම සාකච්ඡා සඳහා එක්වූ බවයි වාර්තා වුණේ.
ඇමෙරිකාව සහ කෙන්යාව අතර දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳ කටයුතු සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කෙරෙනවා.
ඇමෙරිකාව වෙත භාණ්ඩ අපනයනය කරන ප්‍රධානතම රාජ්‍යයක් ලෙසයි කෙන්යාව සැලකෙන්නේ.

Your Comments