කුසල් මෙන්ඩිස්ගේ දකුණු අප්‍රිකානු කට් එක ..

49

කාලෙන් කාලෙට ක්‍රිකට් පිටියටත් විවිධ මෝස්‌තර පැමිණෙනවා.

ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ‘hair cut’.

ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කරමින් ‘hair cut’ මෝස්‌තර නිර්මාණය කර ගන්නවා.

ඇතැම් පිරිස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රුව ‘hair cut’ මගින් මතුකර ගන්නවා.

විවිධ රටවලට සංචාරය යන ක්‍රිකට් කණ්ඩායම් ඇතැම් අවස්ථාවල වෙනස්ම ආකාරයේ ‘hair cut’ නිසාම තව තවත් ප්‍රසිද්ධියක් ලබනවා.

ඔබට මතක නම්, සංචාරක පුරවරයක් ලෙස ප්‍රසිද්ධ ගාල්ලේ දී පැවතී ක්‍රිකට් තරග කිහිපයකටම සහභාගී වූ විදෙස් ක්‍රීඩකයන් කොණ්ඩා මෝස්තර කපන ආකාරය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ වුණා.

ගතානුගතිකත්වයෙන් මිදී අමුතුම විලාසයකට පන්දු යවන ලසිත් මාලිංග දෙස ලොව බොහෝ පිරිසකගේ අවධානය යොමු වූයේ මාලිංගගේ රන් වන් කොණ්‌ඩා මෝස්‌තරයයි.

මාලිංගගේ කොණ්‌ඩා මෝස්‌තරය ක්‍රිකට්‌ ලෝලීන්ගේ මොනතරම් ආකර්ෂණයට ලක්‌වූවා දැයි කිවහොත්, ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රිකට්‌ ලෝලීන් පවා ලසිත්ගේ කොණ්‌ඩයට සමාන බොරු කොණ්‌ඩයකින් සැරසී ක්‍රීඩා පිටියට ඒම සුලභ දර්ශනයක්‌ වුණා.

බීට්‌ලස්‌ සංගීත කණ්‌ඩායම සංගීතයෙන් පමණක්‌ නොව ඇඳුමෙන් හා කොණ්‌ඩා මෝස්‌තරයෙන් ලොව රසිකයන්ගේ හද බැද ගත්තාට පසු ක්‍රීඩකයෙකු විසින් හඳුන්වාදෙන ලද ක්‍රීඩා ලෝලීන් අතර මහත් පෙරළියක්‌ කළ කොණ්‌ඩා මෝස්‌තරය ලසිත් මාලිංගගේ කොණ්‌ඩා මෝස්‌තරය බව ක්‍රීඩා විස්‌තර විචාරකයන් පවසා තිබුණා.

ඒ කරුණු එසේ තිබියදී ලසිත් මාලිංග ‘hair cut’ එකකට අර්ථයක් දී තිබෙනවා.

ඒ කුසල් මෙන්ඩිස් ගේ ‘hair cut’ එක වෙනුවෙන්.

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වනවා.

එක්දින තරග 5ම සහ T20 පළමු තරගයත් පරාජයට පත් ශ්‍රී ලංකාවට, කුසල් මෙන්ඩිස්ගේ ‘hair cut’ එකෙන් නව පණක් ලබා දීමට ලසිත් මාලිංග උත්සහ ගෙන තිබෙනවා.

මාලිංගට අනුව කුසල් මෙන්ඩිස්ගේ ‘hair cut’ එක ‘ජයග්‍රාහී කැපිල්ලක්’..

wining hair cut …. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලී සියල්ලෝ මහත් අපේක්ෂාවෙනි !

(ඡායාරූප – පපරේ)

Your Comments