කුවේට්හිදී හිංසනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙක් කටුනායකට

17

කුවේට් රාජ්‍යයේ දී හිංසනයට ලක්ව ශ්‍රී ලාංකිකයන් 57 ක් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මොවුන් අතරින් 09 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 48 දෙනකු කාන්තාවන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
මෙම පිරිස අද දින උදෑසන 6.15 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 230 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.
කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්,ඔවුන්ට තම නිවෙස් කරා යෑමට දීමනාවක් ලබා දී ඇති බවයි නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

Your Comments