කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා ප්‍රධානි ඉල්ලා අස්වෙයි

97

සුඩාන ආරක්ෂක අමාත්‍ය ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් (Ahmed Awad Ibn Auf) ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ජනාධිපති (ෆීල්ඩ් මාෂල්) ඔමාර් අල් බෂීර් (Omar al-Bashir) ගේ රජය හමුදාව යටතට ගෙන පැය 48කට පසුවයි.

නව හමුදා ප්‍රධානි තනතුරට ලුතිතන් ජනරාල් Abdel-Fatah al-Burhan Abdel-Rahman පත් කර තිබෙනවා.

ඔහු ඔමාර් අල් බෂීර්ගේ රජයේ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා.

ජනාධිපතිවරයා බලයෙන් නෙරපා රාජ්‍ය බලය ඇල්ලීමට මූලිකත්වය දුන්නේ ආරක්ෂක අමාත්‍ය ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ්.

ජාතික රුපවාහිනිය ඔස්සේ සුඩාන හමුදාව 11වනදා ප්‍රකාශ කළේ වසර 30ක් පමණ බලයේ සිටි ජනාධිපති (ෆීල්ඩ් මාෂල්) ඔමාර් අල් බෂීර් (Omar al-Bashir) බලයෙන් පහකරමින් රාජ්‍ය බලය හමුදාව යටතට ගැනුණු බවයි.

සුඩාන රජය පෙරළා දැමීමෙන් පසුව රට තුළ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා.

වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා මැතිවරණයක් පවත්වන බව ට හමුදා ප්‍රධානි ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් ජනතාවට පොරොන්දු වූවා.

මේ අතරම ඔහු නිවේදනය කළේ මාස තුනක කාලයක් හදිසි නීතිය බල පැවැත්වෙන බවයි.

ජනපති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ ආරක්ෂක අමාත්‍යවරයාට ජනතා විරෝධය එල්ල වුණා.

ඒ ඔහුත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුගමනය කරන බවට චෝදනා කරමින්.

විරෝධතාකරුවන් Khartoum අගනුවර හමුදා මූලස්ථානය ඉදිරිපිට එක්රැස්ව උද්වේගකර ලෙස කටයුතු කරනබවට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

ජනතා විරෝධය හමුවේ අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු ආරක්ෂක අමාතවරයා ලෙස පත් කෙරුණේද ජනාධිපති (ෆීල්ඩ් මාෂල්) ඔමාර් අල් බෂීර් (Omar al-Bashir) විසින්.

ඒ පසුගිය පෙබරවාරියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ.

ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් පසුගිය දෙවසර තුළ හමුදා කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ද ක්‍රියා කළා.

පසුගිය පෙබරවාරි 23 සිට අප්‍රෙල් 11 දක්වා කටයුතු කළ එරට උප ජනාධිපතිවන්නේ ද ඉල්ලා අස්වූ, ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ්.

සැබැඳි පුවත්

ජනපති නෙරපා – හමුදාව රාජ්‍ය බලය අල්ලයි, ව්‍යවස්ථාවත් ගුවන් ගමනුත් අත්හිටුවයි

Your Comments