කිරිවෙහෙර විහාරාධිපති හිමියන් STF ආරක්‍ෂාව ඉල්ලයි

37

වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින්.

එමෙන්ම උන්වහන්සේගේ රෝහල් ගාස්තු රජය මගින් ගෙවන බවට මීට පෙර ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි කිරිවෙහෙර රජමහා විහාරවාසී පූජ්‍ය හිනිදුම සුගතවංශ හිමියන් කියාසිටියේ.

පසුගිය 12 වනදා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් කොළඹ පෞද්ගලික රෝහල වෙත ගුවන් මගින් රැගෙන එනු ලැබුවා.

NEWS24 මේ සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ගේ රෝහල් ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් සහ උන්වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව හෙට දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.

Your Comments