කිරිවෙහෙර විහාරාධිපතිගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ගැනත් විශේෂ විමර්ශනයක්

19

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පොලිස් මුලස්ථානය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුවන්සේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ වන වට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු රැදීසිටි ස්ථාන රැසක් ද පරීක්ෂාවට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විහාරාධිපති හිමිට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල කිරීම සම්බන්ධයෙන් මේ වෙද්දි අපි හඳුනාගෙන තිබෙනවා සැකකරු කවුරුන්ද කියලා. මහසෙන් දේවාලයේ හිටපු කපුධුරය දරණ ලද තැනැත්තා. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු. ඔහු මේ වෙද්දි පොලිසියෙන් පළා ගිහින් තියෙන්නේ. පොලිස්පතිතුමාගේ නියෝග මත විශේෂ කණ්ඩායම් 8ක් යොදවලා තියෙන්නේ. ඒ සැකකරු දැනට තැන තැන්වල පැන පැන ඉන්නේ. ඒ සැකකරු සැඟ සිටින ස්ථාන විස්සක් පමණ පසුගිය දින කිහිපය තුළ පරීක්ෂා කළා. අපි හිතනවා අද හෙටම සැකකරු අත්අඩංගුවට ගන්න පුළුවන් වෙයි කියලා.

මේ අතර කතරගම විහාරාධිපතිට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කතරගම පුදබිමට පැමිණෙන රථ වාහන සීමා කර පුජා භුමියට විශේෂ රැකවරණයක් ලබා දිමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට රථ වාහන අවසරපත් ලබා දිම විහාරස්ථාන හා දේවාල කාර්යාලය මගින් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සදහන් කළේ.

Your Comments