කැලණි සරසවි සිසුවියකට පිහි ප්‍රහාරයක්

148

කැලණිය විශ්වවිද්‍යාලය අසලදී අද(13) උදෑසන පිහි ඇනුමක් සිදුව තිබෙනවා. පිහි ඇනුමෙන් තුවාල ලැබූ සරසවි සිසුවියක් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ සරසවි සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සරසවි සිසුවියගේ පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

 

Your Comments