කැපවීම අගයමින් පිලිපීනයේ භූමියක් ජනපති නමට වෙන් කෙරෙයි

40

පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූවා.

ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසින්.

නියගයන්ට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබද ඉදිරිපත් කෙරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිවරයා සවන් දුන්නා.එමෙන්ම බෝග කළමණාකරණය පිළිබද හැදින්වීමක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග දමෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් වුණා.

ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මට ජනපති සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා ( Dr. Matthew Morell ) ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් අත්සන් තැබුවා.

කෘෂිකර්මාන්තය කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනපති නමින් නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර, එහි සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනපති අතින්.

( ඡායාරූප : සුදත් සිල්වා )

Your Comments