කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දු රකියි

30

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගී වන පස්වන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හිමි කර ගත්තා.

දිමුත් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

අද (15) තරගය පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරෙනු ඇති.

Teams Australia:

Aaron Finch (c), David Warner, Usman Khawaja, Steve Smith, Shaun Marsh, Glenn Maxwell, Alex Carey (wk), Pat Cummins, Mitchell Starc, Jason Behrendorff, Kane Richardson

Sri Lanka:

Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Kusal Perera (wk), Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Thisara Perera, Isuru Udana, Milinda Siriwardana, Nuwan Pradeep, Lasith Malinga

Head To Head

තරග – 96
ශ‍්‍රී ලංකාවට ජය – 32
ඔස්ටේ‍්‍රලියාවට ජය – 60
සමවීම් – 0
ප‍්‍රතිපලයක් නොමැති – 4

World Cup Head To Head

තරග – 10
ශ‍්‍රී ලංකාවට ජය – 1
ඔස්ටේ‍්‍රලියාවට ජය – 7

Key players

ඩේවිඩ් වෝනර් (ඔස්ටේ‍්‍රලියාව)

තරගාවලිය පුරා සාර්ථක පිතිකරුවෙකු බවට පත්ව ඇති අතර, මේ වන විට තරගාවලියේ තෙවන වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ඔහුයි.

කුසල් මෙන්ඩිස් (ශ‍්‍රී ලංකාව)

පළමු තරග දෙකේදීම අසාර්ථක වීම හේතුවෙන් මෙම තරගයේ දී ඔහු ලකුණු අතරට පිවිසීම කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති.

Weather

අද තරගය සදහා වර්ෂාව සහිත කාළගුණයෙන් බලපෑම් එල්ල නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් විට වර්ෂාවක් ඇද හැලීමේ අවධානමක් පැවතිය ද තරගයට එය දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇති.

Your Comments