කාසියේ වාසිය නවසීලන්තය ට – ශ්‍රී ලංකාවට ඇරයුම් කරයි

27

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තුන්වන තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ නවසීලන්තයයි.

ඒ අනුව පළමුව පහරදෙන ලෙස ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

වත්මන් ලෝක කුසලාන අනුශූර නවසීලන්තයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පළමු අභියෝගය තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට කාර්ඩිෆ්හී දී ආරම්භ වනු ඇති.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 48ක ජය නවසීලන්තයටත්, තරග 41ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියන් හී දී දෙරට අතර තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක් ශ්‍රී ලංකාවත්, තරග 4ක් නවසීලන්තයත් ජය ගැනීමට සමත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විස්තර විචාරයට සිත FM ඔස්සේ (88.8 FM/ 88.6 FM) සවන් දිය හැකියි.

මේ අතර, අද තරගය සදහා අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා නොකරනු ඇති බවත්, ඉසුරු උදාන කණ්ඩායමට එක් වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කළා.

Your Comments