කාරක සභා අහෝසි වුවද බැදුම්කර වංචාවේ විමර්ශන අඛණ්ඩව
අමාත්‍යංශ රැසක වංචා ගැනත් හෙලි වෙයි

8

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණද, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කරන විමර්ශන නොකඩවා ඉදිරියටත් සිදු කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ වල නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිවසේදී පැවැත්වුණා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්.

Your Comments