‘කැප්ටන් කූල්’ගේ නායකත්වයේ සාමූහික කැපවීමෙන් ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 23යි

54

1975 දී ආරම්භ වූ ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4කට වරක්.

ඒ එක්දින තරගාවලියක් ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරිපාලක ලෙස ක්‍රියා කරන මෙහි 1975 පළමු ලෝක කුසලානය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. අනුශූරතාව ඔස්ට්‍රේලියාවට හිමිවුණා. තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් හිදී.

1979 දී එංගලන්තය පරදා දෙවන් වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්.

කෙසේ වෙතත් 1983 දී බටහිර ඉන්දීය කොදෙව්වන් අනුශූරයන් බවට පත් කරන්නට ඉන්දියාව සමත් වුනා.

ඔස්ට්‍රේලියාව පළමුවරට ලෝක කුසලානය දිනා ගත්තේ 1987 දී. එවර අනුශූරතාව එංගලන්තයටයි.

එංගලන්තයට යළි 1992 දී අනුශූරතාවයෙන් සැහීමකට පත්වන්නට සිදු වූවා. ඒ පකිස්තානය ශූරයන් වීම නිසා.

1996 වසර ලෝකයාගේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුවූවා. ඒ තරගාවලියේ සියලු තරගය ජයගනිමින්, අපරාජිතම කණ්ඩායම ලෙසින් ලෝක කුසලානය දිනා ගැනීමත් සමගයි.

එවර තරගාවලිය විල්ස් ලෝක කුසලාන තරගාවලිය ලෙස නම් කර තිබුනා.

තරගාවලිය පෙබරවාරි 14 වනදා සිට මාර්තු 17 දක්වා පැවැත්වුනේ පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ දී.

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ තරග 17ක් ඉන්දියාවේ දීත්, තරග 16ක් පකිස්තානයේ දීත්, තරග 4ක් ශ්‍රිලංකාවේ දීත් පැවැත්වුණා.

අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව් සමග පකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර් 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු දෙකක දී කඩුලු 3ක් දැවී සිටියදී ලකුණු 245ක් ලබා ගනිමින් ලෝක ශූරයන් බවට පත් වූවා.

ඒ ‘කැප්ටන් කූල්’ අර්ජුන රණතුංගගේ නායකත්වයේ සාමූහික කැපවීමෙන්.

තරගාවලියේ වීරයා ලෙස සනත් ජයසූරිය පිදුම් ලැබුවා.

එවක ශ්‍රී ලංකා පුහුණුකරු Dav Whatmore.

1996 Cricket World Cup squads

Your Comments