ක්‍රිකට් තරගයක දෙපාර්ශවයේ ගැටුම – CCTV දර්ශන – 11ක් අත්අඩංගුවට

69

ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසු ගිය 9 වෙනි දින හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුරයි දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබුණේ.

ගැටුමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඉන් 5 දෙනෙකු මේ මස 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකාර බාල වයස්කාර සිසුන් 6 දෙනෙකු එදින දක්වා පරිවාස භාරයේ තැබිමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගිය දා ක්‍රිකට් තරගාවලියට සහයෝගයට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග යාමෙන් එම ගැටුමට වැඩිහිටියන් කිහිප දෙනෙකු ද මැදිහත්ව ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගනයෙන් ඇති වු ගැටුම පසුව හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදි යළි උග්‍ර වී තිබෙනවා.

එම ගැටුමේදි තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවනගේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල නිසා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

ගැටුමේදි ගල් සහ මුගුරුවලින් දෙපාර්ශවයම පහරදිම් සිදු කර ඇති අතර මෙම ගැටුමට අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩ වල පසුවන ළමුන් කිහිප දෙනෙකු සහ අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩ වල පසුවන වැඩිහිටියන් කිහිප දෙනෙකුද මැදිහත්ව තිබුණා.

දෙපාර්ශවයේ ගැටුම ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

ඒ ඔස්සේ සැකකරුවන් හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළා.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

ක්‍රිකට් තරගයක දෙපාර්ශවයේ ගැටුම – CCTV දර්ශන – 11ක් අත්අඩංගුවට

ක්‍රිකට් තරගයක දෙපාර්ශවයේ ගැටුම – CCTV දර්ශන – 11ක් අත්අඩංගුවට

Posted by News24 on Friday, June 14, 2019

   

Your Comments