කළුතර වෙඩි තැබීමක් – අයෙක් රෝහලට

23

කළුතර උතුර, ගාලුපාර තොටුපල හන්දිය ආසන්නයේ පිහිටි සිතුමිණ හෝටලය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ(01) රාත්‍රී 10.35ට පමණ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවත් කාර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් තුවාල ලැබූ පුද්ගලයාට වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ ගාලුපාර, සිතුමිණ හෝටලය, කළුතර උතුර යන ලිපිනයේ පදිංචිව සිටි දොඹගහ පතිරණගේ ෆ්‍රැට්‍රික් පීරිස් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments