වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි හෝ සහල් පිටි කවළම් කර ඇති බව ට හෙළිව තිබෙනවා.
පරීක්ෂාවකදී ඒ බව අනාවරණ වූ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග කහ ඉල්ලුම වර්ධනය වූ අතර ඒ හේතුවෙන් කහ හිගයක් මතු වුනා.
ඇතැම් වෙළඳුන් සහ කූට ව්‍යාපාරිකයන් ඉන් වැඩි ලාභ ලබා ගැනීම සඳහා කහ වැඩි මිලට අලෙවි කිරීමට ක්‍රියා කළා.
ඒ අනුව රජය පසුගිය දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ කහ කුඩු කිලෝවක් උපරිම සිල්ලර මිල රු. 750ක් බවයි.
උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
වෙළෙඳ පොළේ කහ හිගයත් සමග වර්ණක සහ පිටි මිශ්‍ර කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය ට පැමිණිලි ලැබී තිබුණා.
ඒ අනුව කහ සාම්පල ලබාගෙන ඒවා යොමු කෙරුණේ රජයේ රස පරීක්ෂකවරයා වෙතයි.
රස පරීක්ෂක වාර්තාවලින් හෙළිව ඇත්තේ, අලෙවියට තබා ඇති කහ කුඩුවලින් 50% ක් පමණ පාන් පිටි හෝ සහල් පිටි කවළම් කර ඇති බවක්.
ඒ අනුව එම අලෙවිකරුවන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.
මේ අතර වෙළෙඳ පොළෙන් කහ සාම්පල ලබාගනිමින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ඇති.
Your Comments