කහ කිලෝ දහසක් මන්නාරම වෙරළේ දී අල්ලයි

27

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලු‍තුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුහුදු මාර්ගයෙන් කොරෝනා ආසාදිතයන් මෙරටට සංක්‍රමණය වීම ඇතුලු‍ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරන මුර සංචාරයකදීයි.

කිලෝ දහසකට ආසන්න එම කහ තොගය සමග සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් මන්නාරම මහනෙ සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදී තිබෙනවා.

Your Comments