කසිප්පු තිබුනොත් පොලිසිය වගකීම භාරගත යුතුයි – ජනපතිගෙන් නව චක්‍රලේඛයක්

36

අනෙක් විෂ මත් ද්‍රව්‍ය පමණක් නොව නීති විරෝධී මත් පැන් (කසිප්පු) තුරන් කිරීම සදහා යෝධ වැඩපිළිවෙළක් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඒ අනුව නීති විරෝධී මත් පැන් කිසියම් ප්‍රදේශයක පැවතියහොත් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපති හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එහි වගකීම දැරිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

ජනපතිගෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බවයි ජනාධිපතිවරයා අද (09) පස්වරුවේ පොළොන්නරුවේ දී සඳහන් කළේ.

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 6089 දෙනෙකු සදහා රුපියල් කොටි දොළහකට අධික වටිනාකමකින් යුතු ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ අවස්ථාවට නවනගරය වාරි මාර්ග ක්‍රීඩාන්ගනයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“මේ රටේ ප්‍රධාන වශයෙන්ම දෛනිකව තුන් වේල කන්න බැරි, සියයට විස්සක් විතර ඉන්නවා.
ඒ හැරෙන්න ගත් විට රටේ ජන ගහනයෙන් සියයට හතළිහක් පනහක් දුප්පත් කම තියෙනවා.
ඒ දුප්පත් කම ඇති වුනේ ඇයි.
ඇයි ඒ දුප්පත් කම වැඩි වෙන්නේ.
අරක්කු සිගරට් වලට විතරක් දුප්පත් ජනතාව කොච්චර වියදම් කරනවාද.
අර පොලොන්නරුව කදුරුවෙල බාර් එක ලග මම ඔතනින් හවසට යන එන කොට දකිනවා පෝලිමේ ඉන්න මිනිස්සු. පෝලිමේ ඉන්නේ පොහොසත් මිනිස්සු නෙමෙයි.
මේ දිස්ත්‍රික්කයේ ජනතාව මාසෙකට කොටි දෙසීයට වඩා වැය කරනවා අරක්කු සිගරට් වලට.
අපි ලග වාර්තා තිබෙනවා, හැම දිස්ත්‍රික්කයකම.
සෞඛ්‍ය ඇමති කාලෙත් මම හදපු වාර්තා තිබෙනවා.
දැන් ඊට වඩා වැඩි.
දුප්පත් කමට ප්‍රධාන හේතුව මත් ද්‍රව්‍ය.

මම ඉදිරියේදී චක්‍ර ලේකයක් නිකුත් කරනවා.
ඉදිරියේදී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කසිප්පු තිබුනොත් ඊට වග කියන්න ඕනේ ඒ අදාළ පොලිස් ස්ථානාධිපති වරයා හා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ අදාළ වගකීම භාර ගන්න ඕනේ.”

(රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගන්විල)

Your Comments