කල්කුඩාහි මාරක අනතුරකින් යතුරු පැදිකරුවෙක් මරුට

26

වාලච්චේන – කල්කුඩා මාර්ගයේ පේතාලේ ප්‍රදේශයේදී එකම දිශාවට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පේතාලේ ප්‍රදේශයේදී කල්කුඩා දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් දකුණට හැරවීමට යාමේදී එම දෙසටම ධාවනය වූ යතුරු පැදියක් ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බිරන්දිරච්චේන, වාලච්චේන ප්‍රදේහයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් බවද පෙලිසිය කියා සිටියා.
මෘතදේහය වාලච්චේන රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments