කලගෙඩිහේනේ පහරදීමට සම්බන්ධ ගණිත ගුරුවරයා ඇතුළු 8 දෙනෙකු රිමාන්ඩ්

10

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගණිත දේශකයෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය දුන් නියෝගයකට අනුවයි.

ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය 18 වනදා මෙම පහර දීම සිදු කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොසිටි ගණිත දේශකයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග සහ තවත් තිදෙනෙකු අද අධිකරණයට භාර වුණා.
ඔවුන් සමග මීට පෙර අත්අඩංගුවට ගැණුනු සිව් දෙනා ද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Your Comments