කබීර් හෂීම් අමාත්‍ය ධුරයෙන් සහ එජාප සභාපතීත්වයෙන් ඉවත් වෙයි

13

අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ලැබූ පරාජයත් සමගයි.
සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වීමත් සමග සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ද ඉල්ලා අස්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළා.
ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද සිය ධූරයෙන් ඉවත් වන බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මංගල සමරවීර මහතා ද මුදල් අමාත්‍ය ධූරයෙන් ඊයේ ඉල්ලා අස්වුණා.
ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
ජනාධිපතිධූර අපේක්ෂක වූ සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා.

Your Comments