කඳුරට ජනතා පෙරමුණේ සහ ස්වාධින කණ්ඩායමක ආධාකරුවන් අතර ගැටුමක් – CCTV දර්ශන සහිතයි
අයෙක් රෝහලට - තිදෙනෙක් අත්අඩංගුවට

89

[රංජිත් රාජපක්ෂ – හැටන්] නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා තරගවදින කදුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් සහ ස්වාධින කණ්ඩායමක ආධාරකරුවන් පිරිසක් සමග ඇති වු ගැටුමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ආගරපතන පොලිසිය විසින් ඊයේ(14) අත්අඩංගුවට ගෙන නුවරඑලිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා මේ මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

 

ඉකුත් 12 දින පස්වරුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා තරග කරන කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ දිවංගත පී. චන්ද්‍රෙස්කරන් මහතාගේ දියණිය සිය පියාගේ ඡායාරුපය සහ කදුරට ජනතා පෙරමුණේ ධජය ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආගරපතන පොලිස් වසමට අයත් ග්ලාස්ගෝ වතු යායට ගිය අවස්ථාවේ කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වැන් රථය හරස් කර චන්ද්‍රසේකරන් මහතාගේ ඡායාරුපය සහ පක්ෂ ධජය ගලවා ඉවත් කිරිමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

දෙපාර්ශවය අතර ගැටුම හටගන්නා අවස්ථාවේ චන්ද්‍රසේකරන් මහතාගේ දියණියද වැන් රථයේ සිට ඇති අතර දෙපාර්ශවයේ ගැටුමින් අනතුරුව චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය ආගරපතන පොලිසිය වෙත 12 දින පැමිණිල්ලක් කර තිබෙනවා.

දෙපාර්ශවය අතර ඇති වු ගැටුමින් කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවෙකු තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු නුවරඑලිය පොලිසිය මගින් එම සැකකරුද අද (15) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

කඳුරට ජනතා පෙරමුණේ වත්මන් නායකත්වය හිටපු රාජ්‍ය අමාත්‍ය වි. රාධාක්‍රිෂ්ණන් මහතා විසින් දරන අතර රාධාක්‍රිෂ්ණන් මහතා මෙවර මැතිවරණයට ජාතික සමගි ජන බලවේගය යටතේ නුවරඑලියෙන් තරග කරනු ලබනවා.

පවත්නා තත්ත්වය මත කඳුරට ජනතා පෙරමුණේ ආධාකරුවන්ගෙන් කොටසක් රාධාක්‍රිෂ්ණන් මහතාට සහ තවත් කොටසක් අනුෂා චන්ද්‍රෙස්කරන් මහත්මියට සහයෝගය දැක්විම නිසා කඳුරට ජනතා පෙරමුණ තුළ අර්බුද රැසක් මතු ව ඇති බවද වාර්තා වනවා.

Your Comments