කන්ජිපානිගේ පියා ඇතුළු හයදෙනා රිමාන්ඩ්

9

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගෙන මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ කිරීමේ දී ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණූනා.

ඔවුන් කංජිපානි ඉම්රාන්ට රැගෙන ආ ආහාර බඳුන්වල සකස් කර තිබූ රහසිගත පතුල් දෙකක සඟවා දුරකතන සහ චාජර් රැගෙන යාමටයි උත්සාහ දරා තිබුණේ.

Your Comments