කටහඬ සාම්පල දීම: “අදාළ නැත” – පොලිස්පති ප්‍රතිචාර දක්වයි

85

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (14) පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන කුමන්ත්‍රණයට අදාලව කටහඬ සාම්පලයක් ලබාදීම සඳහායි.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පොලිස්පතිවරයා අද පෙරවරු 10.45ට පමණ එම ස්ථානයෙන් පිටව ගියා.

එහිදී මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් අදාළ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විමසා සිටියා.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරික්ෂා කිරීම සඳහායි ඔහුගෙන් මෙලෙස කටහඩ සාම්පලයක් ලබා ගෙන ඇත්තේ.

රක්ෂිත බන්ධනගාර ගතව සිටින ත්‍රස්ත විමර්ෂණ අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හඬ සාම්පල ලබා දුන්නා.

අනතුරුව අනාවරණය වූයේ ලබා දී ඇති දුරකථන සංවාදවලට අනුව එම හඬ සාම්පල සමාන බවයි.

Your Comments