කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්ෂක වෙත

6

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ සාම්පල ලබාගැනීම සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා ලබාදුන් නියෝගයකට අනුව ඔහුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගංජා කිලෝ ග්‍රාම් 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට කංජිපානි ඉම්රාන්ට මේ වනවිටත් වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

Your Comments