ඕළු මරා ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට

59

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුෂාන් හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන අවස්ථාවේදී ඒවා මිලදී ගැනීමට පැමිණි 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
ඕළු මරා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments