ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට

26

දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
ඔහු සිය සංචරය තුළදී ලක් රජයේ ඉහල පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම අද දිනයේ ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද සැළසුම් කර තිබෙනවා.
හෙට දිනයේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට ද සූදානම් බවයි වාර්තාවුණේ.

Your Comments