ඕස්ට්‍රේලියාවේදී ඇත්අඩංගුවට පත් ලාංකික තරුණයාට ඇප

32

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගැණුනු  ශ්‍රී ලාංකික තරුණයා ඇප මත නිදහස් කර තිබෙනවා.
අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ පසු ගිය මස 30 වනදායි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ද 25 හැවිරිදි සැකකරු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.
නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන් ලද තොරතුරකට අනුව  අත්අඩංගුවට ගෙන තිබුණා.
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරිම සඳහා ඔහු සැලසුම් සකස් කර තිබූ බවටයි චෝදනා එල්ල වන්නේ.
කෙසේ  වෙතත් සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නැහැ.

 

Your Comments