ඕමන්තේ කැළෑවකින් බෝම්බ තොගයක් සොයාගනියි
මාධව කුලසූරිය - වවුනියාව

24

වවුනියාව, ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළැව තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක් අද(29) උදැසන සොයාගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අදාළ බෑගය තුළ බිම්බෝම්බ 25 ක පමණ ප්‍රමාණයක් ඇති බවට දක්නට ලැබෙන බවත් ඒ ආසන්නයේ ආර්.පි.ජී. උණ්ඩයක්ද දක්නට ඇති බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍සොයා ගෙන ඇති අතර, බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ දැනුවත් කෙරැණා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ලබාගැනීමේ අරමුණින් සඟවා ගිය බෝම්බ තොගයක් එලෙස හමුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Your Comments