” ඒයි, කළු ජාතිකයා…” – සර්ෆ්‍රාස් ට තරග හතරක් තහනම් කරයි

276

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහ්මඩ් ට ජාත්‍යන්තර තරග හතරක තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ගෙන තිබෙනවා.

ඒ, ඔහු අයි.සී.සී වාර්ගික ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට දකූණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග දෙකත්, පළමු 20යි 20 තරග දෙකත් අහිමි වනු ඇති.

පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගයේ අතරතුර සර්ෆ්‍රාස් අහ්මඩ් වාර්ගික ආචාර ධර්ම උල්ලංගනය කර ඇති බවටයි චෝදනා එල්ල වූයේ.

Durbaන හි දී පැවතී මෙම තරගයේ දකුණු අප්‍රිකා ඉනිමේ 37 වන පන්දු වාරයේ දී සර්ෆ්‍රාස් අහ්මඩ් කඩුලු රකිමින් සිටින අතරවාරයේ Andile Phehlukwayo පන්දුවට පහර දෙන අතරවාරයේ දී යමක් පවසන ආකාරය කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් ලැබෙන හඬ ඔස්සේ බොහෝ දෙනාට අසන්නට හැකි වුණා.

ඒ මොහොතේ ජාත්‍යන්තර විස්තර විචාරයේ යෙදී සිටියේ Mike Haysman සහ Ramiz Raja.

සර්ෆ්‍රාස් අහ්මඩ් උර්දු භාෂාවෙන් “Abey kaale, teri ammi aaj kahaan baitheen hain? Kya parwa ke aaye hai aaj?” ලෙස ප්‍රශ්න කළේ Andile Phehlukwayo වෙතින් .

එහි සාමාන්‍ය අදහස නම් ..
” ඒයි, කළු ජාතිකයා, අද තමුන්ගේ අම්මා සිටින්නේ කොතනද ? මොනවද උඹ ගැන ඉල්ලා සිටින් නේ… (Hey black guy, where is your mother sitting today
What [prayer] have you got her to say for you today?” ?

එම ප්‍රකාශය ගැන විස්තර ප්‍රකාශක Mike Haysman ඒ මොහොතේම Ramiz Raja ගෙන් විමසා සිටියා.

“What is he (Sarfraz) saying there Ramiz?”

එහි දී විස්තර ප්‍රකාශක Ramiz Raja පවසා සිටියේ
“Difficult really to translate that. It is a big long sentece ..” එය පරිවර්තනය කිරීම අපහසුයි… එය දීර්ඝ අදහසක්… “

කෙසේ වෙතත් සර්ෆ්‍රාස් අහ්මඩ් ට විරෝධතා එල්ල වීමත් සමග ඔහු අවස්ථා කිහිපයකදීම කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

Your Comments