එස්.බී.ගේ ආරක්ෂකයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට [PHOTOs]

13

ගිනිගත්හේන – පොල්පිටිය ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එදිනට ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ගමන්ගත් රථයකට ඊයේ රාත්‍රියේ දී කිසියම් පිරිසක් බාධා කළ අවස්ථාවේදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එහිදී දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ, සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.

වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පල කළා.

 

Your Comments