එජාප නායකත්වයෙන් රනිල් ඉල්ලා අස්වෙයි

103

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තමා ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා අද පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දුන්නා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ නිළධාරී කණ්ඩායම සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ සාකච්ඡාවේදීයි.
පක්ෂයේ නව නායකත්වය සඳහා හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා සමග අනිද්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී නව නායකයා පත් කර ගැනීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිනෙන බවත් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව නායකත්වය සඳහා අනුමැතිය ලබා ගනු ඇති.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා.

කෙසේ වෙතත් මෙවර මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත්කරන්නේ කවුරුන් ද යන්න මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැහැ.

Your Comments