එජාප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුව අවලංගු කෙරේ

16

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටයුතු කළ සියලු ආසන සංවිධායකවරු කැදවා අද[21] පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ හමුව අවලංගු කර තිබෙනවා.
ඔවුන්ට ස්තූතිය පල කිරීම සදහා අද දිනයේ දී සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී යි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ.
එම හමුව ඉදිරි දිනකදී පැවැත්වීමට කටයතු කරන බව ද එක්සත් ජාතික පක්ෂය සදහන් කළා.
කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද දිනයෙදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගීවිමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණා.
හෙතෙම ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරු 11ට මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබුණේ.

Your Comments