එජාපය තුළ බෙදීමක් නොවන තීරණයකට ඉදිරි දින කිහිපයේදී එළඹෙනවා

5

පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් නොවන තීරණයකට ඉදිරි දින කිහිපයේදී එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා.
එම තීරණය මගින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ගෞරවාන්විත විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, විපක්ෂ නායක ධූරය පත්කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ද මෙලෙස අදහස් පළ කලා.

Your Comments