එජාපයේ ජ්‍යෙෂ්ඨයින් හා පක්ෂ නායකයින් අතර හමුවක් අදත්

25

එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන තවත් විශේෂ සාකච්ඡාවක් අද(13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පස්වරු දෙකට පමණ අදාළ සාකච්ඡාව ආරම්භවීමට නියමිත බව වාර්තා වනවා.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපයේ දී පැවත්වුණා.
කෙසේ වෙතත් නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති සාකච්ඡා තීරණයකින් තොරව අවසන්වූවා.

Your Comments