ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් ඇප මත මුදාහරී

7

නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දස දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතාගේ නියෝගයකට අනුවයි.
එහිදී රුපියල් දශලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
නේවාසිකාගාරවල සිටි දෙවන වසරේ සිසුන් මාස 5ක පමණ කාලයක සිට නවකවදයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව පෙරේදා මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
නඩුව ලබන වසරේ පෙබරවාරි පස්වනදා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Your Comments