උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් 31ට පෙර

45

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රථීපල ලබන 31 වනදාට පෙර නිකුත් කිරිමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියා සියා සිටියේ උසස් පෙළ විභාගයේ ප්‍රථීපල සමීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරද ගැටලුවකින් තොර ක්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා තව දුරටත් සඳහන් කළේ
මේ අතර පාසල් නිවාඩුවට පෙර පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊට වගකිවයුත්තන්ට එරෙහිවද පියවරගත යුතු බවයි.

Your Comments