119කගේ උසස්‌ පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

67

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතුරින් 1,67,907 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

අපේක්ෂකයන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 3,21,469ක්.

ජෛව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කලනි සමුදා රාජපක්ෂයි.

එම අංශයේ දෙවන ස්ථානය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ හිමි කර ගෙන ඇති අතර , තෙවන ස්ථානය මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් හකීම් හිමි කර ගෙන තිබෙනවා.

භෞතික විද්‍යා අංශයේ පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ වසන්තා විජේගුණවර්ධනයි.

එහි දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සුරාන් ලියනගේටත්, තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් විජේසේකරටත් හිමිව තිබෙනවා.

වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් වික්‍රමරත්නට හිමිව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උචිනි රණවීරට එහි දෙවන ස්ථානයත්, කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්නට එහි තෙවන ස්ථානයත් හිමිවුණා.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි ද අල්විස්ට කලා විෂය ධාරවේ දිවයිනේ පළමු ස්ථානය හිමිව තිබෙනවා.

කලා විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා මහා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහයි.

එහි තෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි සිසුවියට හිමිවුණා.

ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරයේ දිවයිනේ පළමු සහ දෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලය හිමිකරගෙන තිබෙනවා.
පළමු ස්ථානය යසස් පතිරත්නත්, දෙවන ස්ථානය තරිදු හේෂාන්ටත් එහි තෙවන ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙශාන් රංගනටත් හිමිව තිබෙනවා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි කොඩිප්පිලිටයි.

එහි දෙවන ස්ථානය සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ රිෂා මොහොමඩ්ටත්, තෙවන ස්ථානය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දිලෙන්ක ලක්මාල්ටත් හිමිවුණා.

Your Comments