උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට පියවර

12

උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එය සිදු කරන බව සදහන්.
ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නොවන අයුරින් සිදුකෙරෙන ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වනවා.
යුධ හමුදාව පවත්වාගෙන යන ගොවිපොළවල් පිහිටි රජයට අයත් ඉඩම් අක්කර 1099 ක් මෙහිදී නිදහස් කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට අයත් අදාළ ඉඩම් ජනවාරී දෙවන සතියේදී යළි ලබාදීමට තීරණය කර තිබෙනවා.

Your Comments