උත්තර දේවී KKS මංගල ගමන ආරම්භ කරයි

190

උත්තර දේවී දුම්රිය කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය අද (27) ආරම්භ කළා.

මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඉන්දියානු මහකොමසරිස් Taranjit Singh Sandhu මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා.

දුම්රිය ගමනේ දී ජනපති විසින් මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා දුම්රියේ ගමන් ගත් මඟී ජනතාව වෙත බෙදා දීමක් ද සිදු කළා.

ජනාධිපතිවරයා මහජනතව සමඟින් දුම්රියේ ගමනට එක්වූවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් එස් – 13 වර්ගයේ විදුලි ද්විත්ව බල යෝධ කට්ටලය මෙලස මගී ප්‍රවාහනය සඳහා කටයුතු ආරම්භ කළා.

ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් මෙම බලයෝධ කට්ටලය කොළඹ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා ධාවනයට යොදවා තිබෙනවා.

කොළඹ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන මෙම දුම්රිය කිලිනොච්චිය හා යාපනය දුම්රිය ස්ථානවල නතර කෙරෙන අතර යාපනය මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා ඉදි කෙරුණු අරවියන්නගර් උප දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

මෙම දුම්රියට වායු සමීකරණ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරි ද එක්කර තිබෙනවා.

ඒ අනුව දෛනිකව කොළඹ කොටුව හා කන්කසන්තුරය දක්වා උත්තර දේවී බලයෝධ කට්ටල ධාවනය කෙරෙයි.

dav

Your Comments