උඩප්පුව මුහුදෙන් බීඩි කොළ කිලෝ දහසක් සොයා ගැනේ

19

උඩප්පුව මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් දහසකට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ආ බීඩී කොළ තොගයක් මෙලෙස මුහුදේ පා කිරීමට කටයුතු කර ඇති බවටයි නාවික හමුදාව සැක පල කරන්නේ.
බීඩි කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 7000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගනු ලැබුවා.

Your Comments