ඉරාන් සහ හර්ෂත් ඉල්ලා අස් වෙයි

11

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ එරාන් වික්‍රමරත්න මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ සිය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බවයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුණා.

හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. පෙරේරා සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන අය ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය ධුරවලින් මිට පෙර ඉල්ලා අස්වුණා.

Your Comments