ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්

27

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආසන්නයේ තවත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මැග්නිටියුඞ් ඒකක 6.2 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩාවැටී ඇති බවයි.

මේ අතර ඉකුත් ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් මැග්නිටියුඞ් ඒකක 6. 9 ක භූ චලනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 167 දක්වා දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුව ද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පුද්ගලයින් 347 දෙනෙකු එහිදී මිය ගොස් ඇති බවයි.

එමෙන්ම එහිදී පුද්ගලයන් 1447 ක් තුවාල ලබා තව ත් 165,000 ක උන් හිටි තැන් අහිමි වූ බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළා.

ලොම්බොක් දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවලින් 80% ක්ම මෙම භූ චලනයේ බලපෑම හමුවේ විනාශ වූ බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හමුවේ ලොම්බොක් සහ ගිලි දූපත්වලින් විදේශික සංචාරකයන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර මියගොස් ඇති පුද්ගල සංඛ්‍යාව තවදුරටත් ඉහළයනු ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීන් පවසනවා.


ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

ඉන්දුනීසියාවේ ලොම්බෝක් දිවයින ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම පුද්ගලයින් එක් ලක්ෂ 56, 000 ක් තවදුරටත් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය 5 වනදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 1, 400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසනවා.

නැගෙනහිර හා උතුරු ලොම්බෝක් දිවයින ආශ්‍රිත නිවාස සියයට 75ක් පමණ හානි වී ඇති බව ද සඳහන්.

Your Comments