ඉන්දීය ධිවරයින් 8 දෙනෙකු නාවුක හමුදා අත්අඩංගුවට

13

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටියදී බෝට්ටුවේ කාර්මිකදෝෂයක් හේතුවෙන් අතරමංව සිටියදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාව නිළධාරීන් විසින් මුදාගෙන ඇති බව සඳහන්.
ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් අද යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments