ඉන්දීය අගමැතිගේ ට්විටර් ගිණුමකට සයිබර් ප්‍රහාරයක්

40

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ට්විටර් ගිණුමකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී සහන අරමුදලකට ආධාර කරන ලෙසට සදහන් වන ට්විටර් පණිඩිව රැසක් නිකුත් කිරීමට හැකර්කරුවන් විසින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මේ වන විට එම ගිණුම යළි යථාතත්ත්වයට පත් කිරිමට කටයුතු කර ඇති බව ට්විටර් සමාගම සදහන් කළා.

අදාළ ට්විටර් ගිණුම නරේන්ද්‍ර මෝඩිගේ පෞද්ගලික වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම සඳහා භාවිත කරනු ලබන පෞද්ගලික ට්විටර් ගිණුමක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් අතිරේක ගිණුම් සඳහා බලපෑමක් එල්ල වේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිව නොහැකි බවත් ට්විටර් සමාගමේ ප්‍රකාශකයකු ඊමේල් පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මිලියන 2.5ක අනුගාමිකයන් සංඛ්‍යාවක් මෙම ගිණුම හා එක්ව සිටිනවා.

කෙසේ වෙතත් මිලියන 61කට අධික සංඛ්‍යාවක සිටිනනිල ට්විටර් ගිණුමට බලපෑමක් එල්ල වී නොමැති බවද නරේන්ද්‍ර මෝඩිගේ ට්විටර් ගිණුම් පාලනය කරනු ලබන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

Your Comments