ඉන්දියාවේ මිලියන 04කට පුරවැසිභාවය අහිමිවෙයි

48

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 4කට අධික ජන කොටසකගේ පුරවැසිභාවය ඉන්දීය රජය විසින් අවලංගු කිරීමත් සමග දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, ජාතික පුරවැසි ලේඛනය ඊයේ ප්‍රකාශයට පත් කිරීමට සමගාමීවයි.

1971 වසරේ මාර්තු 24 වන දා බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළ දිනට පෙර, ප්‍රාන්තයට පැමිණි බව ඔප්පු කිරීමට නොහැකි වූ සියල්ලන්ට පුරවැසිභාවය අහිමි වනවා.

එහෙත් පරම්පරා ගණනක් ඇසෑමයේ විසූ තමන්ට යාමට වෙනත් රටක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

අවස්ථා කිහිපයක දී පුරවැසිභාවයට අදාළ ලේඛන සකස් කර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජය දැනුම්දී තිබුණ ද ඔවුන් ඒ සඳහා කටයුතු කර නැහැ.

ඇසෑම් ප්‍රාන්තයේ, බංග්ලාදේශ මුස්ලිම් සරණාගතයින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේ දී ප්‍රකාශ කර තිබුණා.

Your Comments