ඉදිරි දිනවල දී ප්‍රදේශ රැසකට තද වැසි

21

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට, මෙන්ම විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ හා නැගෙනහිර පළාත්වලත් වව්ව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක තරමක තද වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Your Comments