ඉතිහාසය අලුත් කරමින් යුද හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුරට [PHOTOs]

38

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරෙනවා.

ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයකයි ඉදි කර ඇත්තේ.

පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 වසරේ මාර්තු 11 වනදායි.

ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක්.

මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතියයි.

අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙය අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද සන්නද්ධ කර තිබෙනවා.

සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් මෙහි ඉදිකිරීම් කඩිනම් කෙරුණු අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණයයි අද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කිරීමට නියමිතයි.

යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ද ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අලුත් පිටුවක් අරඹමින් යුද හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුරට

අමෙරිකාවේ ජනාධිපති ධුරය ඉසිලූ ෆ්රෑන්ක්‌ලින් ඩී රූස්‌වෙල්ට්‌ (Franklin D Roosevelt) 1941 දී නව ආරක්‌ෂක දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය මතු කරනු ලැබීය‍ග කොන්ග්‍රස්‌ මණ්‌ඩලයේදී කළ එම යෝජනාවට එකල වර්ජිනියාවේ කොන්ග්‍රස්‌වරයා ලෙස කටයුතු කළ ක්‌ලිෆ්ටන් වුඩ්රම් (Clifton Woodrum) 1941 ජුලි 07 වැනිදා ඒ සඳහා වූ යෝජනා කරනු ලැබීයග එමගින් තැනින් තැන විසිරී ඇති ආරක්‌ෂක දෙපාර්තමේන්තු ශාඛා එක්‌ තැන් කිරීමටත් ඉඩකඩ අවශ්‍යතාවට නියම විසඳුම ලැබෙන බවත් වුඩ්රම් විසින් බ්‍රිගේඩියර් ජෙනරල් ඉයුජින් රීබෝල්ඩ් (Eugene Raybold) හට පැවසීය.

ඉන් පසුව මේ දැවැන්ත ඉදිකිරීම 1941 සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ කරනු ලැබීයග මේ කටයුත්තට වාස්‌තු විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් 327 දෙනෙක්‌ල ක්‌ෂේත්‍ර නිරීක්‌ෂණ නිලධාරීන් 117 ක්‌ එක්‌ වූහගඉතා ඉක්මනින් මෙහි කටයුතු නිම කිරීම වෙනුවෙන් දිනයේ පැය 24 පුරාම සේවා මුර ක්‍රියාත්මක කෙරුණි.

මෙසේ ඇරඹුණු පෙන්ටගන් ව්‍යාපෘතිය මාස 16 ක්‌ වැනි සුළු කලකින් නිමා කිරීම තවත් විශ්මයක්‌. 1943 ජනවාරි 15 වැනිදා මෙහි වැඩකටයුතු අවසන් කෙරුණු අතර මීටර් 23 ක උසකින් සමන්විත මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිස්‌ නම දහස්‌ හය ලක්‌ෂයක්‌ (49,600,000) ක්‌ වැය කර තිබුණි. සම්පූර්ණ භූමි සැකසීම හා අනෙකුත් වියදම්ද එකතුව ව්‍යාපෘතියේ මුළු වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි අසූපන් ලක්‌ෂයක්‌ සටහන් විය.

ඇමරිකාව ඒවැනි පියවරක් ගනිමින් ඒ් සඳහා ඒසා විශාල මුදලක් වැය කළේ ආරක්ෂාව හා සම්න්ධයෙන් වූ සියලු ආයතන ඒකම පරිශ්‍රයක පිහිටුවීම් අවශ්‍යතාව හොඳින් අවබෝධ කර ගත් නිසාවෙනි‍. පළමුවැනි ලෝක යුද සමයේ මේ ආරක්‌ෂක කටයුතු සඳහා ඔවුන් ස්‌ථාන කීපයක කාර්යාල යොදා ගත් නමුත් එම ස්‌ථානවල ඉඩකඩ කලයත්ම ප්‍රමාණවත් නොමැතිවීම පෙන්ටගය බිහිවීමට තවත් හේතුවකි‍.

සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රී ලංකාවත් මෙවැනි ආරක්ෂක මූලස්ථානයක් පිළිබඳ අවධානය යොමු කළ අතර 1979 දී කොළඹ ප්‍රධාන සැලැස්ම මගින් වාණිජ කාර්යාල සඳහා රජයේ කාර්යාල කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර නව පරිපාලන අගනුවරට මාරු කිරීම අපේක්ෂා කරන ලදීග වාණිජ සංවර්ධනය සඳහා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා හැරීම මින් අපේක්ෂා කෙරුණි.

මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සහ පාර්ලිමේන්තුව මාරු කිරීම 1982 වන විට අවසන් කෙරුණු අතර රට තුළ දිග හැරුණු අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන්ල රාජ්‍ය ආයතන නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි කඩිනමින් සිදුවූයේ නැත‍. කෙසේ වෙතත්, තිස්වසරක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යාලල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ කාර්යාලය සහ යුද හමුදාල නාවික හා ගුවන් හමුදාවේ මූලස්ථාන මුලුමනින්ම බත්තරමුල්ල අකුරෙගොඩ වෙත මාරු කිරීම සඳහා ක්‍රියාවලියට පිඹුරුපත් සකස් කෙරුණි. එවැනි මධ්‍යගත ආයතනික ව්‍යුහයක් ත්‍රිවිධ හමුදාව අතර සහයෝගිතාවය සහ මෙහෙයුම් කර්තව්‍යය ඵලදායී ලෙස සම්බන්ධීකරණය කරනු ඇති අතර ආරක්ෂක ධූරාවලිය තුළ සම්පත් බෙදා ගැනීම තුළින් කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇතැයි ද අපේක්ෂා කරන ලදී.

ඒ අනුව 2011 මාර්තු 11 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඊඒම්ඒම් අඹන්පොල සහ අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩීඒස් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට මුල්ගල් තැබීම සිදු කෙරුණි.

මේ වෙනුවෙන් රුපියල් බිලියන 53.3 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබුණි. මේවන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 25.5ක මුදලක් මේ වෙනුවෙන් වැයකර තිබෙන අතර නවීන අංගෝපාංග රැසක් සමඟින් යුද හමුදා මූලස්ථානය ඒහි පළමු පියවර වශයෙන් ඉදි කර හමාරය‍.

මෙලෙස ඉදිකෙරුණු යුදහමුදා මුලස්ථාන පරිශ්‍රයට සන්නිවේදක හා ආරක්ෂක අංශ, පානීය හා ගිනි නිවීමේ ජල පද්ධති, පොම්පාගාර සහ අවශ්‍ය විදුලි ජෙනරේටර් අංගනයක්, කැළිකසල හා අපජල බැහැර කිරීමේ පද්ධති, වැහි ජලය ලීටර් 40000ක් එක්රැස්කර නවීන තාක්ෂණය භාවිත කර පිරිපහදුකිරීමේ පද්ධති වැනි උපකාරක සහ යටිතල පහසුකම් වලින් සමන්විතය.

ඒසේම යුද, ගුවන්, නාවික මුලස්ථාන ගොඩනැඟිලි ඒ්කාබද්ධ කරමින් ගුවන් පාලම් සකස් කර ඇති අතර ඒ මඟින් ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් අතර සබඳතාව ශක්තිමත් කර ඇත. ගුවන් පාලම් 13කින් ඒම පද්ධතිය සමන්විත වේ. ඒසේම ගොඩනැඟිලි සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණික ආරක්ෂණ උපක්‍රම භාවිත කර ඇත්තේ ආරක්ෂක මූලස්ථානයක තිබිය යුතු උපරිම ආරක්ෂාව ගොඩනැඟීම වෙනුවෙනි. ඒ් වෙනුවෙන්ම සීසීටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඒල්සීඩී තිර 16කින් සමන්විත නිරීක්ෂණ ඒකයක්ද ස්ථාපිත කර ඇත. ඒසේම මෙම මූලස්ථාන සංකීර්ණය විදුලි සෝපාන 19 කින් පරිපූර්ණ අතර මෙගා වොට් 15 ක අතිරේක විදුලි සැපයුම් පද්ධතියකින්ද පරිපූර්ණය.

ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන භූමියට ඒකාබද්ධ කර ඇති විවිධ බිම් කොටස් අත්පත් කර ගනිමින් ක්‍රීඩා පිටියක් සහ ආගමික කටයුතු වෙනුවෙන් භූමියක් මෙම පරිශ්‍ර සංකීර්ණයේ උතුරු කෙළවරේ පිහිටුවීමට අපේක්ෂා කරන අතර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ආසන්නයේ මාර්ග ජාලය සංවර්ධනය කිරීම ද සිදු කර ඇත.

ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කරන ලද අතර පළමු අදියර යටතේ සැලසුම් කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ල සහ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල සහ අනෙකුත් අංගෝපාංග දෙවන අදියරේදී ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, 2016 දී ඇති වූ මූල්‍යමය බාධාවන් හේතුවෙන් පළමු අදියර නැවත අදියර දෙකකට කොටස් කිරිමට සිදුවූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වෙන් කර ඇති ගොඩනැගිලිවලට ප්‍රමුඛතාවය දී ඒවා නිම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉදිකිරීම් සැලැස්ම සංශෝධනය කෙරුණි‍‍. ඒලෙස ප්‍රමුඛතාවය දීමට හේතු වූයේ ඒවන විටත් යුද හමුදා මූලස්ථානය පිහිටුවා තිබූ ගෝල්ෆේස් හි පිහිටි භූමිය වාණිජ්‍යය අවශ්‍යතා වෙනුවෙන් මුදා හැර තිබීමත් ඒ් නිසා යුද හමුදා මූලස්ථානයේ පිහිටුවා තිබූ අධ්‍යක්ෂ මණ්ඩල 90ක්ම පාහේ අධික කුලියක් ගෙවමින් පුද්ගලික අංශයේ ගොඩනැඟිලිවල ස්ථාපනය කර තිබීමය.

යුද හමුදා මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සන්ධිස්ථානයක් වනු ඇති අතර යුද හමුදා ශ්‍රම බලකාය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් යෝජනා කර ඇති වටිනාකම අනුව විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය මෙය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාවට ආධාර සැපයිය හැකි බාහිර ආයතන හෝ පුද්ගලයින්ගේ වෘත්තීය උපදෙස් නොමැතිව හමුදාවට පමණක් මෙම විශාල ව්‍යාපෘතියක් භාර ගැනීම දුෂ්කර විය. එබැවින් යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා බාහිර විශේෂඥයින්ගෙන් සමන්විත ශක්තිමත් සංවිධානයක් පිහිටුවීමට යෝජනා විය.

එලෙස පිහිටුවන ලද ඉදිකිරීම් සංවිධානයේ ව්‍යුහය මෙහෙයුම් කමිටුවක්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්, ඉදිකිරීම් කළමනාකරණ ඒකකයකින් සමන්විත විය. මෙම ව්‍යුහයේ ප්‍රධාන භූමිකාව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ඉදිකිරීම් කළමනාකරණ ඒකකය විසින් ඉටු කරන ලදී.

ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මෙහෙයවනු ලබන අතර ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශවල හසළ ඥාණයකින් පරිපූර්ණ වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විතය‍‍‍. ඉදිකිරීම් කළමනාකරණ ඒකකය ද අධ්‍යක්‍ෂවරයකු විසින් මෙහෙයවනු ලබන අතර ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශවල වෘත්තීය කාර්ය මණ්ඩලයකින් එය සමන්විත විය.

විශේෂිත නිපුණතා අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා බාහිරින් ලබා ගත් අතර වාස්තු විද්‍යාත්මක විශේෂඥ උපදෙස් ලබා ගත්තේ මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් (එම්.ජේ.ඒ.පී.එල්) සමාගමෙනි‍‍‍. ඉංජිනේරු සහකරු වශයෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (සීඊසීබී) කටයුතු කරන ලදී. ඔවුන් ව්‍යුහාත්මක ඉංජිනේරු උපදේශනය, උපයෝගිතා සහ ගොඩනැගිලි සේවා ඉංජිනේරු, යාන්ත්‍රිකල විදුලි හා ජලනල කාර්මික කටයුතු, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන කටයුතු‍‍, ප්‍රමාණ සමීක්ෂණය, ඉදිකිරීම් කළමනාකරණය සහ සැලසුම් ඇතුළුව සමස්ත විෂය පථයන් වෙනුවෙන් සිය විශේශඥ දැනුම ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, 2016 ඔක්තෝබර් මාසයේ සිට එකම උපදේශන වගකීම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය වෙත පවරන ලදී. ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකවරුන්, ව්‍යාපෘති කළමනාකරණය සහ ව්‍යාපෘති පාලන ආදී ක්ෂේත්‍රයන් වෙනුවෙන් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම ව්‍යෘපෘතියට දායකත්වය සැපයීය.

මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකේය අභිමානය කියාපාන තවත් අවස්ථාවක් වන්නේ සියලු ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරු තාක්ෂනය ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් විසින්ම සිදු කිරිමයි. එමෙන්ම ශ්‍රම දායකත්වයද හමුදා සාමාජිකයින් විසින්ම ලබාදිමයි.

ඒ සියලු කැපකිරීම්වල ප්‍රථිපල දැන් අත්විඳින්නට කාලය ඒළඹ ඇත. ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ පළමු අදියර වශයෙන් ඉදිකිරීම් කටයුතු කළ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය දැන් දෛනික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට සියලු කටයුතු සූදානම්කර හමාරය. ඒ දැවැන්ත මෙහෙයුම වෙනුවෙන් දහදිය, කඳුළු වැගිරූ පිරිස අතිවිශාලය. ඒසේම තම දැනුම ඒ වෙනුවෙන් යොදාගත් පිරිස බොහෝය. ඒ් වෙනුවෙන් ඒ සියලුදෙනාට ස්තූතිය පුද කළ යුතුවා සේම ඔවුන්ට ඒ වෙනුවෙන් උත්තමාචාර කළ යුතුය‍.

 

Your Comments