ඇමැති තොණඩමන්ගේ අවමගුල ආවරණ කළ මාධ්‍යවේදියෙකු සහ තවත් දෙදෙනෙකු  නිරෝධනයට
රංජිත් රාජපක්ෂ - හැටන්

1994

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිළ පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් ඊයේ (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පවසනවා.

අදාළ ප්‍රාදේශීය මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාව මාධ්‍ය ආවරණ කටයුතු සඳහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණිමෙන් අනතුරුව තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

අදාළ ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර්. පරික්ෂණයක්ද සිදු කරගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්,  යලිත් වතාවක් පී.සී.ආර් පරික්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Your Comments